ඔබ මා සමග
අතිනත ගන්නා දවස
මේ මහ කන්ද
බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර
වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද
බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල
සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින
කිරලා හඬා වැටෙයි
නොකියූ රහස
හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ
තවමත් මා සිතට දැනෙයි
ඔබ මා සමග
අතිනත ගන්නා දවස
මේ මහ කන්ද
බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර
වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද
බැලුවා හොරැහින් මදෙස