ඔබ මලක් වෙලා
වන අරණේ පිපේවී
මා සුළං රැළක් වී
ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා
ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා
සඳ එළියේ ගලාවී
සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුවරද ඔබ සමගයි
මලේ සුවඳ මා අසලයි
ඔබ මලක් වෙලා
වන අරණේ පිපේවී
මා සුළං රැළක් වී
ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා
ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා
සඳ එළියේ ගලාවී
ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුරසඳ නිලඹර සමගයි
සඳේ එළිය මා අසලයි
ඔබ මලක් වෙලා
වන අරණේ පිපේවී
මා සුළං රැළක් වී
ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා
ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා
සඳ එළියේ ගලාවී