පාවෙනා
නිල් වළාවේ
නදී තලාවේ
රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුනාදෝ
පාවෙනා
නිල් වළාවේ
දියඹ සැලෙන
තරඟ පෙළක
අතරමං වෙලා
පාළු නිල් දියේ
තනි වෙලා
සොයන රුව ඔබේ
අප්සරාවියේ
සොයන රුව ඔබේ
අප්සරාවියේ
පාවෙනා
නිල් වළාවේ
තුරුණු සිතක
පැතුම් වැලක
ඈත පාවෙලා
සිහින නිම්නයේ
සැරිසරා
පතන රුව ඔබේ
අප්සරාවියේ
පතන රුව ඔබේ
අප්සරාවියේ
පාවෙනා
නිල් වළාවේ
නදී තලාවේ
රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුනාදෝ
පාවෙනා
නිල් වළාවේ