පෙම් රස වෑහෙන
මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
ආදර නැකත ළඟා වේ
නිල් වන පියසේ
පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
මී වද සුවඳ සදා දේ
පෙම් කතරේ දී
දෑස නිවාලන
අවාරයේ ආ
පිනි වරුසා වේවා
පෙම් කතරේ දී
දෑස නිවාලන
අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ
මා එන අතරේ
තනි තරුවක් සේ
පා වේවා
පෙම් රස වෑහෙන
මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
ආදර නැකත ළඟා වේ
නිල් වන පියසේ
පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
මී වද සුවඳ සදා දේ
සසර සඳැල්ලේ
නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා
සදාතනික වේවා
සසර සඳැල්ලේ
නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා
සදාතනික වේවා
සසරින් සසරේ
එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ
මා එනවා
පෙම් රස වෑහෙන
මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
ආදර නැකත ළඟා වේ
නිල් වන පියසේ
පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී වද සුවඳ සදා දේ