ආදරයේ පාවෙන හැඟුමක්
ජිවිතයක් සෙව්වා
ආදරයේ පාවෙන හැඟුමක්
ජිවිතයක් සෙව්වා
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
මා ළඟින් ළං වෙලා ඔබ එදා කී කතා
මගෙ දිළිඳු ලෝකෙ මාළිගාවක් කළා
ඒ තැනූ මාළිගා සුන්වෙලා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර
යන්න ඔබ ගියා
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ
දෑඟිල්ලෙ පැටලි උන් සැඳෑව සුන්දරයි
නුඹ මගේ හැම භවේ දිවුරලා සෙනෙහසින්
කී කතාව මාගෙ ලෝකෙ තනි වෙලා ගියා
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී