පුංචි හොරා
පුංචි හොරා
මගෙ පුංචි හොරා
මගෙ නින්ද
හොරා ගත්
පුංචි හොරා
ළමැදට මව් කිරි
සුවඳ ගෙනා
කවුද හොරා
මගෙ පුංචි හොරා
දරුවන් හඬනා
පැල්පත් සොඳුරුයි
දරුවන් නැති
රජ ගෙයට වඩා
ඔවුන් ඉඳුල් කළ
බොජුනත් මිහිරියි
දිව බොජුනක
අම රසට වඩා
පුංචි හොරා
මගෙ පුංචි හොරා
මගෙ නින්ද
හොරා ගත්
පුංචි හොරා
බහ තෝරන හඬ
දෙසවන් පිනවයි
කොකනද වීණා
හඬට වඩා
දෑත් දෙපා පොඩි
කොමලයි සිනිඳුයි
මානෙල් මල් පෙති
වලට වඩා
පුංචි හොරා
මගෙ පුංචි හොරා
මගෙ නින්ද
හොරා ගත්
පුංචි හොරා
ළමැදට මව් කිරි
සුවඳ ගෙනා
කවුද හොරා
පුංචි හොරා