රන් මීවිත පුරවා
සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට
ආ නියා
මඟුල් තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළඳේ
රන් මීවිත පුරවා
සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට
ආ නියා
මඟුල් තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළඳේ
තිසරුන් පිරී
වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
තිසරුන් පිරී
වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසලේ වෙලී
පවනේ ඇදී
පණ මෙන් බැඳී
මා හා රැඳී
රන් මීවිත පුරවා
සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට
ආ නියා
මඟුල් තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළඳේ
කඳුලේ වෙලී
අඳුරේ ගැලී
කැලඹූ පැතුම් සාගරේ
කඳුලේ වෙලී
අඳුරේ ගැලී
කැලඹූ පැතුම් සාගරේ
සඳ කැන් රිදී
තෙරපී රැඳී
පැන යා නොහී
වැතිරී හිඳී
රන් මීවිත පුරවා
සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට
ආ නියා
මඟුල් තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළඳේ
රන් මීවිත පුරවා
සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට
ආ නියා
මඟුල් තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළඳේ