රැවටුන තරම්
ඔබ හින්ද මං
කවුරුත්ම
දන්නෙ නෑ තවත්
කඳුළක තරම්
දැනුණා හොඳින්
සමුගත්ත දා
ඔයා මගෙන්
වැරදි කරලා
ඔයා හැම දා
මට වැරදිකාරයා
කියා
වෙන් වී ගියත්
රිදවා එදා
අමනාප නෑ
උණේ කිසි දා
හැම දාම ඔබ
මාගෙ පවසා
තුරුලේම උන්
කාලෙ පෙර දා
දැනුණේම නෑ
ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ
වෙන්න මතු දා
පිළිගන්න
අදි මදි කළා
මගේ පණ
ඈත යනු දැකලා
වැරදි කරලා
ඔයා හැම දා
මට වැරදිකාරයා
කියා
වෙන් වී ගියත්
රිදවා එදා
අමනාප නෑ
උණේ කිසි දා
හිත කීරිගැහිලා ම
රිදුනා
ඔබ දන්නෙ නෑ
නේද මේවා
මට යන්න බෑ
මතක හැරදා
ඔය වාගෙ දුර
ඈත පියඹා
හිනැහෙන්න
අමතක වුනා
මතක් වෙන
වාරයක් පාසා
වැරදි කරලා
ඔයා හැම දා
මට වැරදිකාරයා
කියා
වෙන් වී ගියත්
රිදවා එදා
අමනාප නෑ
උණේ කිසි දා
රැවටුන තරම්
ඔබ හින්ද මං
කවුරුත්ම
දන්නෙ නෑ තවත්
කඳුළක තරම්
දැනුණා හොඳින්
සමුගත්ත දා
ඔයා මගෙන්
වැරදි කරලා
ඔයා හැම දා
මට වැරදිකාරයා
කියා
වෙන් වී ගියත්
රිදවා එදා
අමනාප නෑ
උණේ කිසි දා