සමනලුන් රෑ පුරා
නිදන්නේ කොහේදෝ
වස්සානයේ දිනෙක
සැඟවෙන්නෙ
කෙලෙසදෝ
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
තටු සිත්තමේ වර්ණ
සඟවන්නෙ රහසක් ද
මලක පෙති මත ලියූ
ජීවිතේ කවියක් ද
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
සමනලුන් රෑ පුරා
නිදන්නේ කොහේදෝ
වස්සානයේ දිනෙක
සැඟවෙන්නෙ
කෙලෙසදෝ
පියාපක් දියකරන්
දේදුන්න පාට කර
සමනලුන් ආයෙමත්
කොහේ පියඹා යයි ද
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
සමනලුන් රෑ පුරා
නිදන්නේ කොහේදෝ
වස්සානයේ දිනෙක
සැඟවෙන්නෙ
කෙලෙසදෝ
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි
ඔබ නොවේ
ඔබ නොවේ
එය අසන්නී මමයි