සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී
අප අතරේ මතු සසරේ සිත් ලන් වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා යමු පියාසලා
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී
ඔබ එන්නේ කවදා ද සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා යමු පියාසලා
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී