සතර වරම්
දෙවි මහ රජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන්
ඉසිති පුතුනේ
පුවක් මල්
කිනිත්තෙන්
සතර වරම්
දෙවි මහ රජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන්
ඉසිති පුතුනේ
පුවක් මල්
කිනිත්තෙන්
පලාපෙති වැලක්
ගෙලවට හංස
පියාපත් සලමින
පලාපෙති වැලක්
ගෙලවට හංස
පියාපත් සලමින
නුඹේ පා යටින්
සඳකඩ පහන
පායලා
බ්රහස්පති තාරකාව
මුදුන් වී
සරත් නුබ ගැබ
ස්වර්ණමාලි
මහ සෑ අග
කොත් පලන්දලා
ස්වර්ණමාලි
මහ සෑ අග
කොත් පලන්දලා
සතර වරම්
දෙවි මහ රජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන්
ඉසිති පුතුනේ
පුවක් මල්
කිනිත්තෙන්
සතර වරම්
දෙවි මහ රජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන්
ඉසිති පුතුනේ
පුවක් මල්
කිනිත්තෙන්
කලා වැව් දියේ
උත්පල නෙලාගෙන
ඇඟිලි පොකුරට
කලා වැව් දියේ
උත්පල නෙලාගෙන
ඇඟිලි පොකුරට
අප්සරාවියන්
ලෙන් දොර
බලා හිඳිනවා
වලාහක දෙවිඳු
ඉසිවර ඇසින්
බල බලා
පුතු දෙස
ඉසුරුමුණි
විහාරය ලඟ
අන්න හිඳිනවා
ඉසුරුමුණි
විහාරය ලඟ
අන්න හිඳිනවා
සතර වරම්
දෙවි මහ රජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන්
ඉසිති පුතුනේ
පුවක් මල්
කිනිත්තෙන්
සතර වරම්
දෙවි මහ රජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන්
ඉසිති පුතුනේ
පුවක් මල්
කිනිත්තෙන්