සිහි නොවෙයි දෝ
ඔබට මා
ඊයෙ වන තුරු
පෙම් කළා
දෑස හඬවා
දෑත හැර දා
ඔබට පෙම් කළ
සිතම රිදවා
ආදරේ මගෙ
හැර දමා
ඔහුට හිමි වී
ඔබ ගියා
නෑ බලන්නේ
එදා වගේ
ආදරේ උතුරනා දෑසින්
නෑ බලන්නේ
එදා වගේ
ආදරේ උතුරනා දෑසින්
ඔබ හිඳින්නේ
ළඟම ඔහුගේ
නොදුටු සේ මා
ඉවත බලමින්
මගේ හදවත පාරලා
ඔබ හිඳී
ඔහුගේ වෙලා
සිහි නොවෙයි දෝ
ඔබට මා
ඊයෙ වන තුරු
පෙම් කළා
නෑ ඉතින්
මට හිතක් ආයේ
පෙම් කරන්නට
ඔබට වාගේ
නෑ ඉතින්
මට හිතක් ආයේ
පෙම් කරන්නට
ඔබට වාගේ
හිඳිනු මැන
සතුටින් සදා
ජීවිතේ හැම
දේ ලබා
ආදරේ මගෙ
හැර දමා
ගියත් නෑ
තරහා වෙලා
සිහි නොවෙයි දෝ
ඔබට මා
ඊයෙ වන තුරු
පෙම් කළා
දෑස හඬවා
දෑත හැර දා
ඔබට පෙම් කළ
සිතම රිදවා
ආදරේ මගෙ
හැර දමා
ඔහුට හිමි වී
ඔබ ගියා