සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ
මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා
මල් රැඟුම්
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුණා
සිහිලැල් පවනේ
ගී හඬ විසිරී
මතකය ඈත රැඳේ
ගීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ
ඔය හඬ වාගේ
සවනේ රැව් දේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුණා
තුරුලිය ගොමුවේ
මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා
මල් රැඟුම්
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුණා
මග එළි මවනා
තරු කැන් ඔබ වේ
තනි වූ කතර බිමේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබ වේ
පුද දෙමි සැමදා
මහද ප්රණාමේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
මල් පෙති වාගේ
ළං වෙමු භවයේ
මින් මතු සසරේ
තනි නොවේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ