මුල ගී පද සිහින ලොවක් දුටුවා මතකයි
F
T
P

සිහින ලොවක් දුටුවා මතකයි ගී පද

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොඳුරු මිහිරී සුව පහස ගෙනෙන ඒ
ආදරබර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

ගීත ගායනය

ක්ලැරන්ස් විජේවර්ධන
ක්ලැරන්ස් විජේවර්ධන ගේ තවත් ගී පද

ගී පද රචනය

ක්ලැරන්ස් විජේවර්ධන

සංගීත නාද රටා

ක්ලැරන්ස් විජේවර්ධන
English | සිංහල
© හරිපිට ගී පද 2021