සිතට දැනෙන
මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට
පතා ඔබෙන්
සිතට දැනෙන
මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට
පතා ඔබෙන්
අද ඔබ නැති බිම
තනි වී
සිත දවනා
අඳුරු හැඟුම්
ඉවසන්නම්
කවදා හෝ
ඔබ හිමි වේ නම්
සිතට දැනෙන
මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට
පතා ඔබෙන්
අද තනි
යහනක වැතිරී
රැය නොනිදා
නැගෙන සුසුම්
විඳගන්නම්
කවදා හෝ
ඔබ ළං වේ නම්
සිතට දැනෙන
මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට
පතා ඔබෙන්
සිතට දැනෙන
මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට
පතා ඔබෙන්