සුහදිනියේ සඟවන්
ඝෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ
ප්රතිමා වී දිලෙනා
සඳමිනියේ නුඹ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ
රස සීමා පනිනා
හීනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන්
හිත කෝ මා පීනනා
සුහදිනියේ සඟවන්
ඝෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ
ප්රතිමා වී දිලෙනා
වාත්තු කර ඇති
දේහ තලාවට
හේත්තු වෙන්නද
හෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන
නයන ඉනාවට
සාන්තුවර සිත
හී දැල්වෙයි
හොර රහසේ
හොර හිත පතනා
ඒ පැතුමේ
දඟ මෙනවිය ඔබ මා
වල්මත් කල
අරුමැසියයි මෙලොවේ
සුහදිනියේ සඟවන්
ඝෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ
ප්රතිමා වී දිලෙනා
වීණා බඳවට
කැරකෙන වරලස
අණදෙන
හෟදස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම
රඟ දෙයි ඔබ
මගේ පෘථග්ජන
සිතුවිල්ලෙන්
හොර රහසේ
හොර හිත පතනා
ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත
අවතැන් කල
එකම ළඳයි මෙලොවේ
සුහදිනියේ සඟවන්
ඝෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ
ප්රතිමා වී දිලෙනා
හීනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන්
හිත කෝ මා පීනනා
සුහදිනියේ සඟවන්
ඝෘජු බැල්මේ
ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ
ප්රතිමා වී දිලෙනා