සුන්දර හදකට දී
පෙම් වරම්
පෙම්බර ඒ සිතටම
පෙම් බැඳන්
ලං කරගැනුමට මා
මේ තරම්
මං කළ පින කිව මැන
රත්තරං
සුන්දර හදකට දී
පෙම් වරම්
පුන් සඳ මෝරණකොට
සුන්දරයි
සුන්දර බව වැඩි වෙයි
පෙම්බරයි
පුන් සඳ මෝරණකොට
සුන්දරයි
සුන්දර බව වැඩි වෙයි
පෙම්බරයි
පෙම්බර බව ඇරුනම
පිංබරයි
මං ඔබ ගැන හිතුවෙත්
එලෙසමයි
සුන්දර හදකට දී
පෙම් වරම්
පෙම්බර ඒ සිතටම
පෙම් බැඳන්
ලං කරගැනුමට මා
මේ තරම්
මං කළ පින කිව මැන
රත්තරං
සුන්දර හදකට දී
පෙම් වරම්
මන්දිර සිත තුල
අහසට උසයි
ලං කර සවනට
කියනට සිතයි
මන්දිර සිත තුල
අහසට උසයි
ලං කර සවනට
කියනට සිතයි
සුන්දර යුග දිවියට
හිත කැපයි
පෙම්වත ළඟ එන
නැකතද සුබයි
සුන්දර හදකට දී
පෙම් වරම්
පෙම්බර ඒ සිතටම
පෙම් බැඳන්
ලං කරගැනුමට මා
මේ තරම්
මං කළ පින කිව මැන
රත්තරං
සුන්දර හදකට දී
පෙම් වරම්