ස්වර්ණ විමානෙට
එහා ලෝකයෙන්
ඔරුවට ගොඩ වී
මා එනවා
ස්වර්ණ වර්ණ රන්
එළිය දකින්නට
නළ රැළි මත
නැඟිලා එනවා
ස්වර්ණ විමානෙට
එහා ලෝකයෙන්
රැල්ලේ පාවී
රැල්ලේ බිහිවන
සංගීතෙන් අප
හමු වෙනවා
රැල්ලේ පාවී
රැල්ලේ බිහිවන
සංගීතෙන් අප
හමු වෙනවා
සැන්දෑ අහසේ
පෙම් රස කලතා
සැන්දෑ අහසේ
පෙම් රස කලතා
සාගර ජල කඳ
නැළැවෙනවා
ස්වර්ණ විමානෙට
එහා ලෝකයෙන්
මුතු බෙලි කටු කිරි
කවඩි පුරාගෙන
ඔරුවට ගොඩ වී
මා එනවා
මුතු බෙලි කටු කිරි
කවඩි පුරාගෙන
ඔරුවට ගොඩ වී
මා එනවා
මගේ අනාගත
පැතුම් විමානෙට
මගේ අනාගත
පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැඳ
ගෙන එනවා
ස්වර්ණ විමානෙට
එහා ලෝකයෙන්
ඔරුවට ගොඩ වී
මා එනවා
ස්වර්ණ වර්ණ රන්
එළිය දකින්නට
නළ රැළි මත
නැඟිලා එනවා
ස්වර්ණ විමානෙට
එහා ලෝකයෙන්