මුල ගී පද තනි වී සිටින්නයි මා අදහස් කළේ
F
T
P

තනි වී සිටින්නයි මා අදහස් කළේ ගී පද

තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ

මගේ පාළු ලෝකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ

ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනි

තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ

ගීත ගායනය

මිල්ටන් මල්ලවආරච්චි
මිල්ටන් මල්ලවආරච්චි ගේ තවත් ගී පද

ගී පද රචනය

සංගීත නාද රටා

English | සිංහල
© හරිපිට ගී පද 2021