උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ
කොතැනක හිටියත්
ඉපැදුනු මියයන
බිම එක නේදෝ
ඒ බිම එක්වී
සුරකින යුතුකම
අප සතු නේදෝ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ
එක මවකගෙ දරු
කැල සේ හිනැහී
ඉන්නයි සැමදා
නෙතු හමුවට
කඳුලැල්ලක් ලං
නොම වන්නයි කිසිදා
උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ