වලා අතුල
සිරි යහනේ
උණුසුම්
හිරු කෙඳි පොරවා
ඉන්ද්රචාප කුමාරයා
නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන්
නැලැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන්
සියොතුන් ගී
සින්දු කියනවා
ජීවිතය වගේ මුමුනන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එළියෙන් නලියනවා
නොදරුවකු අතින්
බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා
කිරි වැදී
නටන ගොයමට
මිහිදුමින් වැටුණු
පිනි කැට
රන් දමක්
වගේ ගෙල වට
රනින් දිලෙනවා
හෙටක් ගැන
යමක් නොදකින
හෙටක් තිබේ දැයි
නොසිතන
කෙනෙක් මධුවිතක්
තොල් අග
තවරගන්නවා
වලා අතුල
සිරි යහනේ
උණුසුම්
හිරු කෙඳි පොරවා
ඉන්ද්රචාප කුමාරයා
නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන්
නැලැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන්
සියොතුන් ගී
සින්දු කියනවා