වසන්තයේ අග
හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක
විසුල කුසුම් මත
අතිනත ගෙන
පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක්
ගෙන වෙන්වී යමු
ළා සඳ නැඟෙනා
හෝරාවේ
ගිමන් නිවන්නට
ජීවිතයේ
යලි කෙදින ද
ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප
නොවී පමා
පියවර මැන යමු
යොදුන් ගෙවා
වසන්තයේ අග
හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක
විසුල කුසුම් මත
අතිනත ගෙන
පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක්
ගෙන වෙන්වී යමු
ළා සඳ නැඟෙනා
හෝරාවේ
දොරගුළු හැරලමු
අපි දෙහදේ
හිනැහෙමු පෙර
අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින
නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්
අපේ ලොවේ