යළි උදා වූ
වසන්තේ ලෙසින්
එන්න ළං වී
සදා ආදරෙන්
කඳුළු බිඳුවක්
වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ
මේ ජීවිතෙන්
එන්න ළං වී
සදා ආදරෙන්
විරහිනියක සේ
සිත ඉල්ලූ දා
ඔබ හට
මතක නැතී
සැමටම පිටුපා
සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජීවත් වෙනවානම්
මා වෙනුවෙන්
එන්න ළං වී
සදා ආදරෙන්
යළි උදා වූ
වසන්තේ ලෙසින්
එන්න ළං වී
සදා ආදරෙන්
නන්නාඳුනනා
කිසිවෙකු වෙනුවෙන්
ඔබ සිත
හඬනු නැතී
ඔබ හද සොහොනේ
මිහිදන් කල මා
දැන් නම්
අගය නැතී
ජීවත් වෙනවානම්
මා වෙනුවෙන්
එන්න ළං වී
සදා ආදරෙන්
යළි උදා වූ
වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක්
වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ
මේ ජීවිතෙන්
එන්න ළං වී
සදා ආදරෙන්