යාළු බාල සඳේ
කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද
නෙත් නොසලා
බලා සිටින්නේ
ඈ සිටින තැනට
මටත් හොරා
මා ගෙනයන්නේ
ඇගෙ නලල්තලේ
අහස් වළා
පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ
දුරක වෙසෙන
මගෙ තනිකම
අහසෙ සිටින
නුඹට පමණි
පෙවුනේ යාළු
විරහ තාපයේ
දැඩිකම
සිත් පිත් ඇති
අයටත් නෑ
දැනුනේ යාළු
යාළු බාල සඳේ
කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද
නෙත් නොසලා
බලා සිටින්නේ
ඈ සිටින තැනට
මටත් හොරා
මා ගෙනයන්නේ
ඇගෙ නලල්තලේ
අහස් වළා
පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ
ඈ දැකුමට
නලියන සිත
ඇගෙ නලලේ
හැඩරුව දැක
සැනසෙයි යාළු
ඇගේ රුවින්
බිඳුවක් ගෙන
හෙටත් ඈත
කඳු මුදුනේ
හිනැහෙන් යාළු
යාළු බාල සඳේ
කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද
නෙත් නොසලා
බලා සිටින්නේ
ඈ සිටින තැනට
මටත් හොරා
මා ගෙනයන්නේ
ඇගෙ නලල්තලේ
අහස් වළා
පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ