යමුනා ගං තෙර
තමලු ලතා හෙවනේ
යොහොඹු
කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්රිෂ්ණා ක්රිෂ්ණා
ක්රිෂ්ණා
නළලත බබළන
සඳන තලාවයි
සිරුරත ඝන නිල්
මේඝ වලාවයි
මානස විල මැද
රණ තිසරාණනි
වෘන්දා වනයේ
වසන්තයයි
ක්රිෂ්ණා ක්රිෂ්ණා
ක්රිෂ්ණා
මලය ගිරේ මධු
ගීත තලාවයි
තෙබුවන රැකුමේ
ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ
රණ මොනරාණනි
තරු ද නොපායන
රාත්රියයි
ක්රිෂ්ණා ක්රිෂ්ණා
ක්රිෂ්ණා
යමුනා ගං තෙර
තමලු ලතා හෙවනේ
යොහොඹු
කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්රිෂ්ණා ක්රිෂ්ණා
ක්රිෂ්ණා