යුගත් මල් දම්
මගේ ගෙල වට
දමන්න
මලක් වන් මුදු
රෝස දෙලවන්
කපොල් යහනේ පුදන්න
සිතක් පුරාම ස්නේහයේ
පැන් ඉසින්න
නුඹ ආයෙ එන්නෙ
කවදාද මට කියන්න
සඳ මුදුන් වූ
රාත්රියේ
මගෙ ජීවිතේ
හරි කළුවරයි
මගේ දෑසේ
ගැඹුරු පතුලේ
නුඹේ දෑසම හිරවෙලා
මගේ දෑසේ
ගැඹුරු පතුලේ
නුඹේ දෑසම හිරවෙලා
ලොවේ ලස්සන
නුඹේ දෑසින්
මා බැලූ වග
සිහි කළා
හදේ ගැඹුරින්
පිදූ සෙනෙහේ
භාවනාවක ගොනු වෙලා
හදේ ගැඹුරින්
පිදූ සෙනෙහේ
භාවනාවක ගොනු වෙලා
මගේ හද
ගැහෙනා තුරා
නුඹේ නමටම
කැප කළා
යුගත් මල් දම්
මගේ ගෙල වට
දමන්න
මලක් වන් මුදු
රෝස දෙලවන්
කපොල් යහනේ පුදන්න
සිතක් පුරාම ස්නේහයේ
පැන් ඉසින්න
නුඹ ආයෙ එන්නෙ
කවදාද මට කියන්න
සඳ මුදුන් වූ
රාත්රියේ
මගෙ ජීවිතේ
හරි කළුවරයි
නුඹ ආයෙ එන්නෙ
කවදාද මට කියන්න